මැරයෝ හොරගොල්ලේ ගෙවල් කඩති


කොළඹ පෞද්ගලික සමාගමක් නිට්ටඹුව හොරගොල්ලේ ඉදි කරගෙන යන නිවාස  350 වැඩ බිමට ඇතුළු වූ විසිදෙනකුගෙන් යුත් මැර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසිය සැරැසෙයි. මැරයන් එහි බිත්ති කඩා රුපියල් ලක්ෂ හතරහමාරක අලාභයක් සිදුකර ඇත. හොරගොල්ලේ බණ්ඩරනායක වලව්ව පිහිටි ඉඩමේ අක්කර අටහමාරක මේ නිවාස ඉදිවනුයේ විකිණීම සඳහාය. ඒ සඳහා නාගරික සංර්ධන අධිකාරියෙන් අවසර ගෙන ඇත.