මැරයකුටත් බෝතල් ප්‍රහාරයක්


රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ට වෙඩි තැබීමට ආ කණ්ඩායමේ කෙනකුට බෝතල් ප්‍රහාරයක් එල්ල වී ලේ ගලන තුවාල සහිතව ඔහු ගෙන ගොස් ඇතැයි පොලිසිය තොරතුරු ලැබී ඇතැයි දැනගන්නට ඇත.

මෙන්ඩිස් සමග වෙඩි වැදුණු තවත් දෙදෙනකු සැත්කම්වලට ලක්වූහ. රන්උළුගේ සංගු සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. අනෙක් පුද්ගලයා හයේ වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. සංගු මියගිය බවට පැතිරයන කථාවේ ඇත්තක් නැතැයි රෝහල් ආරංචි කියයි.

වෙඩි තබන අවස්ථාවේ හෝටලයේ සෑහෙන පිරිසක් සිටියත් සිද්ධිය ගැන පොලිසියට මෙතෙක් තොරතුරු කියා ඇත්තේ විදේශිකයකු පමණක් බව ද වාර්තා වේ.

දින කිහිපයකට පෙර මනෝජ් මෙන්ඩිස් සමග පිරිසක් ආරවුලක් ඇති කරගත් බව ද ඝාතනයට හේතු කිහිපයක් තිබිය හැකි බව ද පොලිසිය පවසයි.