මැදරට බස් ලොක්කෙක් අල්ලස් දැලේ


මාර්ග බලපත්‍රයක් වෙනස් කර දීම සඳහා බස් හිමියකුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක් ගත්තේ යැයි සැකපිට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. රණසිංහ අල්ලස් කොමිසම විසින් අද පොල්ගොල්ලේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු කටුගස්තොට පොලිසියට බාරදුන් බව ද එම කොමිසම කියයි.