මැද රට දොස්තර වර්ජනයක්


මධ්‍යම පළාත් උපාධිධාරී වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති දොස්තර ප්‍රියන්ත ප්‍රනාන්දු කියයි. උතුරුමැදට මාරු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය එහි නොයෑමට විරෝධය පළ කරන බව ද හදිසි සේවා හැර සියලු රාජකාරිවලින් ඉවත්වන බවද ඔහු කියයි.