මැතිසබා බොජුන්හලේ ගාලගොට්ටියක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමට ආ නිලධරයන් 135 දෙනකුට කෑම ඇනවුම් කර තිබුණත් මන්ත‍්‍රී අමුත්තන් හා රාජ්‍ය නිලධරයන් සඳහා වූ බොජුන්හලේ ආසන 74 පමණක් තිබුණේ ඇයිදැයි ප‍්‍රශ්න කරමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා එහි නිලධාරීන්ට බැන වැදුණේය.
භෝජනාගාර බාරකරු වාඩිවී සිටි පුටුවටද පයින් ගැසුවේය. පහසුකම් සලසා නොදුන්නැයි භෝජනාගාර නිලධරයන්ට දොස් කීවේය. පසුවරු 12.30ට ලැබුණ පැය භාගයේ විවේකයේදී නිලධරයෝ කෑමට ආහ. කෑම කළින් ඇනවුම් කර තිබිණි. ප‍්‍රශ්නය වූයේ සියලූ දෙනාට මේස වටා අසුන්ගෙන කෑම ගැනීමට ඉඩ නොතිබීමයි. නියෝජ්‍ය ඇමැති එහි පැමිණියේ ඔවුන් කිහිපදෙනකු කෑම කන අතරවාරයේය. සෙසු නිලධරයෝද කෑම කෑහ.

