මැතිව්ස්ගේ දස්කම් අපතේ යයි
අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (05) කොල්කටාහිදී පැවැති දෙවැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් ක‍්‍රීඩකයෝ පූනේ වෝරියස් පිලට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් ලැබූහ.
පූනේ වෝරියස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දක්වමින් පන්දු 27 කදී ලකුණු 35 ක් රැස් කළේය. මැතිව්ස් පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 17 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 150 (ගෞතම් ගාම්බීර් 56, බ්‍රෙන්ඩන් මැකලම් 42, ඇන්ජලෝ මැතිව්ස් 17/2)
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 143 (ඇන්ජලෝ මැතිව්ස් 35, සව්රව් ගංගුලි 36, එම්. ඞී. ලැන්ගේ 34/3)

