මැතිව්ස්ගෙන් සංගක්කාරට ආරාධනාවක්


ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී සිටින අභාග්‍යසම්පන්ත තත්ත්වය සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් හැකියාවක් ඇත්නම් ඉන්දියාවට එරෙහිව අද (8 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස තමන්ගේ හිටපු නායකයා වන කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබේ.

මැතිව්ස් මෙම ඉල්ලීම කර ඇත්තේ නිල නොවන ආකාරයෙන් මෙන්ම ඉතාමත් සුහද ලෙසිනි. ඔහුගේ ස්වරයේ රැඳී ඇත්තේද කවට කමට කරන ලද ඉල්ලීමක ස්වභාවයකි. 

“මම හැම තිස්සෙම එයාගෙන් එහෙම අහන්න පෙළඹෙනවා. මේ දැන් දවස් දෙකකට ඉස්සරවෙලාත් මම එයාගෙන් ඇහැව්වා අනේ ඇවිත් මේ තරගයටවත් ක්‍රීඩා කරලා යනවාද කියලා....එයා හොඳින්ම ලකුණු අතර ඉන්නවා. අවංකවම කියනවා නම් එයා ක්‍රිකට් ගහන්න ගත්ත දවසේ ඉඳන්ම ලකුණු අතර තමයි ඉන්නේ” යයි ලන්ඩන් ඕවල් පිටියේදී  පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් හෙළිදරව් කළේය. 


සම්පූර්ණ වාර්තාව සඳහා  http://tinyurl.com/ybkywofo වෙත පිවිසෙන්න