මැතිව්ස් ශී‍්‍ර ලංකා පිල මෙහෙයවයි


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (3 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි/20 තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. මෙම තරගය මැතිව්ස් ශී‍්‍ර ලංකා පිලට නායකත්වය දෙන පළමු වැනි තරගය වන අතර චාමර කපුගෙදරට සහ ඉසුරු උදානට කණ්ඩායමේ දොරටු විවර කිරීම සඳහා මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග මෙම තරගයට කී‍්‍රඩා නොකරති.