මැතිවරණයේ ආරක්ෂාව පොලිසියේ 65,000 ක්


(ඉන්දිකා රාමනායක)

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකායේ භටයින්  75,000 ක අධික පිරිසක් සේවයට යොදවා ඇති බව අපරාධ, සංවිධානාත්මක අපරාධ විමර්ශන බාර හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   ප්‍රියන්ත විරසූරිය මහතා අද  (29) පැවසීය.

මෙම පිරිසෙන්  65,000 කට අධික  පිරිසක් පොලිස් නිලධාරීන් බවත්  විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායම් ද  ආරක්ෂාවට යොදවන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ඡන්ද මධ්‍යස්ථාන 12,984 ක ආරක්ෂාව වෙනුවෙන් මෙම පිරිස අනුයුක්ත කර ඇති බවත්,  ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂාවට අමතරව  විශේෂ ජංගම සංචාරක 3067  සහ  මාර්ග බාධක 1584   ස්ථාපිත කර ඇති බවද   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

අපරාධ, සංවිධානාත්මක අපරාධ විමර්ශන බාර හා  මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   ප්‍රියන්ත වීරසුරිය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මැතිවරණයෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථාන  වලට ද විශේෂ ආරක්ෂාවක් යොදවන බවත් ඒ සඳහා  පොලිස් නිලධාරීන්ට අමතර විශේෂ කාර්ය බලකාය යොදවා  ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  සඳහන් කළේය.

ඡන්ද මාධ්‍යස්ථාන හා   ගණන් කිරීමේ  මධ්‍යස්ථාන අසලත්  විශේෂ මාර්ග බාධක පිහිටුවා ඇති බවත් සියලු පොලිස් නිලධාරීන්  03 වැනිදා සවස සිට සියලු  අරක්ෂක කටයුතු  සඳහා  අනුයුක්ත කර ඇති බවද  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මැතිවරණ දිනයේ හා පශ්චාත් මැතිවරණ  සමයෙත් සාමය ආරක්ෂා කිරීමටත්, විශේෂ මර්මස්ථාන ආරක්ෂා කිරීමත්  කැරලි මර්දන කණ්ඩායම්  සහ  ජංගම සංචාර  ද කණ්ඩායම් ද යොදවා ඇති බවද    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ  කොමිසමේ උපදෙස් හා නියාමනයට අමතරව , වැඩබලන පොලිස්පතිවරයාගේ   නියෝග අනුව  සියලු වැඩකටයුතු  ක්‍රියාත්මක ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

එම සියලු උපදෙස් පොලිස්පතිවරා  විසින්   සෑම පොලිස් ස්ථානයකටම නියෝග වශයෙන් දැනුම් දී ඇති බවද හෙතෙම කියා සිටියේය‍ෙ

අපරාධ, සංවිධානාත්මක අපරාධ විමර්ශන බාර හා    මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   ප්‍රියන්ත විරසුරිය මහතා එහිදී මෙසේ ද පැවසීය

     ‘‘ගණන් කිරීමේ මධ්‍යස්ථාන 42 සිට 66 දක්වා වැඩි වුණා.  ගණන් කිරීමේ  ස්ථාන 2800 ක්  දක්වා ඉහළ ගොස් තිබෙනවා.මැතිවරණ ඡන්ද පොළ හා ප්‍රකාශ කරන ස්ථාන වැඩි වීමක් වී තිබෙනවා.  එයට සාපේක්ෂව නිලධාරීන් ප්‍රමාණය ද වැඩිකරන්න සිදු වුණා.  වෙනදා  යොදවන ආරක්ෂාවට යොදවන පොලිස් නිලධරීන් පිරිසට වඩා සියයට 20 ත් 25 ත් අතර  ප්‍රමාණයක් වැඩිකරන්න සිදු වී තිබෙනවා.‘‘