මැතිවරණය ඉක්මන් කරගැනීමට සාකච්ඡාවක්


(විනීතා එම් ගමගේ)

දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්යාම ගැන සහ එම මැතිවරණය ඉක්මන් කරවා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට සියලූ මැතිවරණ  නිරික්ෂණ සංවිධාන එක්ව තීරණය කර ඇත. 

සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලා නිරික්ෂණ සංවිධාන සියල්ල වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වෙත ලිපියක් යැවූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය. 

මැතිවරණය ඉක්මන් කරවා ගැනීමට කළයුතු දෑ ගැන මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙට්ටිආරච්චී මහතා තව දුරටත් කීය.

මෙම සාකච්ඡාව සඳහා ඉක්මණින්ම දිනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය