මැතිවරණ රාජකාරී සඳහා නිරීක්ෂකයන් 6,000ක්


(දසුන්  රාජපක්ෂ )

එළඹෙන  මහ  මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 6,000 ක්  යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (10) සඳහන් කළේය.
 
 එම පිරිස අතරට විදෙස් නිරීක්ෂකයන් පිරිසක්ද එක්වන බවත් ඒ මහතා පැවසීය.
 
මහ මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ  නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසු නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේය.