(මොහොමඩ් ආසික්)
2020 මහ මැතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3377 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසන් සභාව තව දුරටත් සඳහන් කරන්නේ මෙම පැමිණිලි අතරින් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 758 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 2619 ක්ද ලැබී ඇති බවයි.
කෙසේ නමුත් මෙම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බවත් කිසිදු බරපතල පැමිණිල්ලක් ලැබී නොමැති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

