මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි


(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.