මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්


(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනයවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.

කොවිඩ් අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය පසුගිය 13 වැනිදා සිකුරාදා වසා දැමුණු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් ආසාදනයවීම නිසා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානියකු පැවසුවේ කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන කොමිසමේ නිලධාරීන් සීමිත පරිදි කැඳවා රාජකාරි කටයුතු කරගෙන යන බවයි.

දවසින් දවස එක් එක් අංශ බැගින් කැඳවා රාජකාරි කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පසුගිය සිකුරාදා වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කෙරුණු බව එහි ප්‍රධානීහු පවසති.