(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ගතව සිටින මේ පිරිස අතර තිලක් මාරපන , දයා ගමගේ , යන ඇමැතිවරුන්ද වසන්ත සේනානායක , අජිත් පී පෙරේරා , ආචාර්ය හර්ෂ ද සිල්වා හා ජේ.සී අලවතුවල යන රාජ්‍ය ඇමැතිවරුන් හා විජයපාල හෙටිටිආරච්චි , ගාමිණි ලොකුගේ, විජිත හේරත්, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, අලි සහීර් මවුලානා,මහාචාර්ය ආශූ මාරසිංහ යන මන්ත්‍රීවරුන්ද වෙතියි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මේ මැති ඇමැතිවරුන්ගෙන් කිහිපදෙනෙකු රාජකාරිමය අවශ්‍යතා සඳහා ද තවත් අය පෞද්ගලික අවශ්‍යතා හා නිවාඩුව ගත කිරීම සඳහාද මෙසේ විදේශ ගතව සිටින බව පවසන එම ආරංචි මාර්ග ඇතෙමකු පවුලේ සමාජිකයන් සමඟ විදේශ ගතව සිටින්නේ යැයිද සඳහන් කරයි.

