මැති ඇමැතිවරු 27ක් කොරෝනාවට ගොදුරු වෙති


(සුජිත් හේවාජුලිගේ )

මැති ඇමැතිවරු 27 දෙනෙක් කොවිඩ් වයිරසයට මේදක්වා ගොදුරුවී සිටිති.

කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීමෙන් මේ දක්වා නිරෝධානයට යොමුවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 80 ක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ කොවිඩ් ආසාදිත ලැයිස්තුවට අලුතින්ම එකතුවූ මැති ඇමැතිවරුන්වන්නේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ කුරුණෑගල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ය.

ඔවුහු කොවිඩ් ආසාදිතව දැනට ප්‍රතිකාර ලබති.

කොවිඩ් ආසාදිත වූ මෙම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරු සහ දරුවෝද කොවිඩ් රෝගයට ගොදුරු වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මේ අතර කොවිඩ් වයිරසයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තුවට ආරක්ෂාව ලබා දෙන පොලිස් නිලධාරීන් සහ පාර්ලිමේන්තු සේවකයන් සංඛ්‍යාව 30 කට ආසන්නය.