මැණික් කරුවන්ට පොඩි පහේ ’’ඉල්ලමක්’’


(අංජුල මහික වීරරත්න)

රට වසා තැබීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු මැණික් ව්‍යාපාරිකයින්ගේ  ව්‍යාපාර කටයුතු  අඩාල වී ඇති බැවින් ඔවුනට රුපියල් 25,000 ක පොලී රහිත ණයක් දෙන්නැයි රජයට යෝජනා කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම යෝජනාව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත, බන්ධනාගාර  හා සිරකරුවන් පුරත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට ද යොමු කළ බව වාසුදේව නානායක්කාර මහතා කියයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස මේ යෝජනාව ඉදිරිපත් කළ බවද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.