මැණික ගිල්ල චීනාට අත්හිටැවූ සිරදඬුවම්


කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් ප්‍රදර්ශනයේදී රුපියල් 18 ලක්ෂයක් වටිනා  දියමන්තියක් ගිල දැමූ බවට වරද පිළිගත් චීන ජාතිකයාට දෙවසරක සිරඳඩුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එය පස්වසරකට අත්හිටැවීය.  දියමන්තිය හිමිකරුට රුපියල් ලක්ෂයක් ගෙවන ගෙවන ලෙසද එය නොගෙවන්නේ නම් වසරක සිට දඬුවමක් නියම වන බව මහේස්ත්‍රාත් පැවැසීය.