මැගසින් කැරැල්ලේ 58ක් රිමාන්ඞ්


කොළඹ මැගසින් බන්ධනාගාරයේදී පසුගිය ජනවාරි 25 වැනිදා ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් සැකපිට පනස් අට දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. බන්ධනාගාර දේපොළවලට රුපියල් ලක්‍ෂ 47ක අලාභයක් මේ කැරැල්ලෙන් සිදුවිය.