මැකෝ හොරුන් අල්ලන්න ග්‍රේරෝ උදව් කරයි


පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ එක්සත්ජාතික පාක්ෂිකයකුගේ ගෙවත්තේ කුරුළු කූඩුවක සිටි මැකෝ ගිරවුන් දෙන්නා සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.

හිටපු පළාත් සභා ඇමැතිවරයකු වන ගෙහිමියා කතරගම ගොස් සිටියදී මේ සොරකම සිදු වී ඇත.

ගේට්ටුව අසල තිබු සෙරප්පු ජෝඩු දෙකක ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ නිවසකට ද අසල කැලැවකට ගිය බවද පොලීසිය කියයි.

ගිරවුන් දෙනොගේ වටිනාකම රුපියල්  දෙලක්ෂයක් පමණ වන්නට ඇතැයි දැන ගන්නට ඇත.