ඉන්දිකා රාමනායක
මාලිගාවත්ත ජුම්මා හංදියේ දී අද (30) පෙරවරු11ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාලිගාවත්ත 211 වත්තේ පදිංචිකරුවකු වන මොහොමඞ් අබ්දුල් රවුෆ් (33) නැමැති පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයා මාලිගාවත්තේ බයියා නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු බවට හදුනාගෙන තිබේ.
මෙම වෙඩි තැබීම මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් සිදුකර ඇත.
පාතාල කල්ලි අතර ඇති වු ගැටුම් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන බවත් සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැත.
මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.