මාස හයට කුඩුකාරයන් 19,000ක්


මේ වසරේ මුල් මාස හය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශීය පොලීසි මගින් මත්ද්‍රව්‍ය ලඟතබාගත් පුද්ගලයන් 19057ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. හෙරොයින් කිලෝ 12 ග්‍රෑම් 265ක් ද, ගංජා කිලෝ 51451ක් ද,කොකේන් කිලෝ 4 ග්‍රෑම් 44ක් ද, මෙතැම්පිටන් කිලෝ තුනක්ද ඔවුන් සත්නකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ හෙරොයින්, කොකේන් හා මොෆීන් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබාගැනිම හා අබිං ග්‍රෑම් 500ට වඩා ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදක් බවයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය - 011 2 2343334/ 011 2 447943