(සුමතිපාල දීයගහගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ නායයෑමක් නිසා කිලෝමීටරයක පමණ වසා දමා තිබූ එක් මං තීරූවක් අද (22) සිට නැවත විවෘත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
2015 ඔක්තෝබර් මාසයේදී මෙම නායයෑම සිදූවූ නිසා කොළඹ සිට ගොඩගම පිවිසුම බලා යන මං තීරුවේ කිලෝ මිටරයක පමණ කොටසක් වසා දමා තිබුණි. එම කොටස අලුත්වැඩියා කිරීමෙන් පසුව නැවත මෙසේ වාහන ධාවනයට විවෘත විය.

