මාවිල්ආරුව සිඳිලා:ගොවියෝ අමාරුවේ


සිව් වැනි ඊලාම් යුද්ධයට මුලපිරුණු මාවිල්ආරු  අමුණ අද සිඳි ගොසිනි.යුද්ධය හමාර වී පස් වසරක්  සම්පුර්ණ වීමත් සමඟ මතු වී තිබු මේ ජල අර්බුදයට විසදුම් පතා සේරුවිල ඒකාබද්ධ ගොවි සංවිධානය මාවිල්ආරු සොරොව්ව අසල  ආගමික වතාවත් පැවැත්වීය.

මාවිල්ආරු අමුණ කොටියන්ගෙන් බේරා ගත්තත් හරි හැටි නඩත්තු නොවෙතියි ගොවියෝ කියති.මහවැලි ගඟේ කන්දකාඩුවේ ස්ථිර අමුණක් නැති නිසා මාවිල්ආරු ජලාශයේ කැඩී බිඳි ගිය තැන්වලින් ජලය මුහුදට ගලා යතියි ඔවුහු කියති.

මාවිල්ආරු අමුණෙන් අක්කර විසිදහසක් පමණ වගා කෙරේ.සේරුවිල ප්‍රාදේශිය ලේකම් කේ ආර් ජයරත්න මහතා පවසනුයේ මාවිල්ආරුව වැවක් නොවන බවයි.ගඟෙන් එන වතුර කෙලින්ම ගොවිතැනට නිකුත් කරන බවත් මාවිල් ආරු අමුණ වැවක තත්ත්වයට වැඩි දියුණු කිරීමේ සැළසුම් ඇති බවත් ඒ මහතා කීවේය.