මාවනැල්ලේ මුල්ගල් තුනක් පැලවේ


මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා දිවෙන උඩරට පිවිසුම් මාර්ගය සෑදීමට තුන් වැනි වරටත් මුල් ගල තැබීය.

2010 පෙබරවාරි 19 වැනි දා සහ 2014 ජනපතිවරණ සමයේ ද උත්සව පවත්වා මුල්ගල් තබා සමරු ඵලක නිරාවරණය කළත් මාර්ගය ඉදි නොවීය.

පළමු වරට හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතා අතින් ද, දෙවැනි වර හිටපු අගමැති දි මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ද මුල් ගල් තැබිණි.

සිකුරාදා (22) තෙවැරි වරටත් මුල් ගල තැබුණේ ඇමැති කබීර් හෂීම් මහතා විසිනි.

මුල්ගල තැබීමේ උත්වස තුන සඳහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වැය වන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

01(1) 02(1) 03(2) 4 5(2) 06(4)