මාවනැල්ල ප්‍රා සභාපති ලක්ෂ 20කට ආත්මයම නැති කර ගනී


(පී ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)                

මාවනැල්ල ප්‍රාදේශිය සභා සභාපති සමන්ත ස්ටීවන් මහතා රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ගනිද්දී අද දහවල්  අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උතුවන්කන්ඳ වලකඩයාව ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක බණ්ඩා නැමති අය විසින් ඉදිකිරිමට යෝජිත ගොඩනැගිල්ලක සැලැස්ම ප්‍රාදේශිය සභාව විසින් අනුමතකර දිම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල අද උදෑසන මාවනැල්ල නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදි සභාපති වරයාට ලබාදෙන අවස්ථාවේදි සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.