මාලේ ජනපති ගාල්ලේ


මාලදිවයින් නව ජනාධිපති සිය මංගල ශ්‍රී ලංකා චාරිකාවේදී ගාලු සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට පැමිණියේය. ඔහුගේ බිරිය සහ නියෝජිත පිරිසක් ඔහු සමග පැමිණ සිටි අතර 17 වැනි සියවසේදී ගිලී ගිය ඕලන්ද ඇවොන්ඩ්ස්ටාර් නෞකාවේ කොටස් ඇතුළු මුහුදෙන් ගොඩගෙන ඇති පුරාවස්තු පිළිබඳව ද ශ්‍රී ලංකාවේ අතීත මුහුදු වෙළෙඳාම් කටයුතු සහ එකළ පැවැති ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය.