මාලිංගගෙන් ලකුණු ලබාගත්තේ අයි. පී. එල්. තරග නිසා වෙන්නැති


ශ‍්‍රී ලංකා අංක එක වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ලසිත් මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවන් හොඳින් ලකුණු රැුස්කිරීමට හේතුව මාලිංග අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීම වියහැකි බව ඉන්දීය ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් පැවසීය. පළමු තරගයේදී ඉන්දීය පිතිකරුවෝ මාලිංගගේ  ඕවර 10 තුළදී කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 83 ක් රැස්කිරීමට වූහ. මෙය ශ‍්‍රී ලංකා පන්දු යවන්නකු ශ‍්‍රී ලංකාවේදී පැවති එක්දින තරගයකදී ප‍්‍රතිවාදීන්ට දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. හම්බන්තොටදී අද (22) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෙවැග් මෙසේ පැවසීය. ”අපි මාලිංගගේ පන්දුවලට අයි.පී.එල්. තරගාවලියේදීත් ක‍්‍රීඩා කරලා තියෙනවා, සමහර විට ඒකත් හේතුවක් වෙන්න පුඵවන්. අපි ලංකාව සමගත් තරග විශාල සංඛ්‍යාවකට සහභාගි වී තිබෙනවා. මාලිංග දක්‍ෂ පන්දු යවන්නෙක්, ඔහු බොහෝ අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය දක්වා රැගෙනවිත් තියෙනවා” සෙවැග්ගේ ප‍්‍රකාශය පිළිබදව ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් කළ විමසුමකදී පැවසුවේ එය ඔවුන්ගේ (ඉන්දියාවේ) අදහස විය හැකි බවය. ”ඉන්දීය සෙසු පිතිකරුවන් මාලිංගට හොඳින් ක‍්‍රීඩා නොකළත්, දෝනි මුල සිටම ඉතාමත් හො`දින් මාලිංගගේ පන්දුවලට ලකුණු රැුස් කළා. අජන්ත මෙන්ඩිස් අයි. පී. එල් ක‍්‍රීඩා කරන්නේ නෑ, අජන්තට වෙනත් රටවල්වලට පිතිකරුවන්ට පෙර ඉන්දීය පිතිකරුවෝ හොදින් ක‍්‍රීඩා කළා. මුලික දේ ඉන්දීය පිතිකරුවන් දක්‍ෂයි. ඒකත් සාධකයක් විය හැකියි” යයිද මහේල පැවසීය.