මුත්තයියා මුරලිදරන් පිහිටුවා තිබූ එක්දින තරග 173 කදී කඩුලූ 250 ක් ලබා ගැනීමේ වාර්තාව බිද හෙළමින් තරග 163 කදී කඩුලූ 250 ක් දවාගෙන මුරලිදරන්ගේ වාර්තාව තමන් සතු කරගැනීමට ලසිත් මාලිංග පසුගියදා සමත් විය.
පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකාව - පකිස්තානය අතර එක්දින තරගයේදී තම 250 වැනි කඩුල්ල ලෙස පකිස්තාන පිතිකරු බිලාවල් බාටි දවාගත් මාලිංග එක්දින කඩුලූ 250 සීමාව පසුකළ සිව්වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නාද වේ.ඔහු එක්දින කඩුුලූ 250 ක් දවාගැනීමට ක්‍රීඩා කර තිඛෙන්නේ තරග 163 ක් පමණක් වන අතර එය මේ දක්වා ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කර ඇති වේගවත්ම කඩුලූ එක්රැස් කිරීම වේ.
තරගය අතරතුරදී පිට පිටම කඩුලූ 5 ක් දවාගනිමින් ද ලසිත් මාලිංග දස්කම් පෙන්වීය.මෙය පකිස්තානයට එරෙහිව ඔහු කඩුලූ 5ක් පිට පිට ලබාගත් දෙවැනි අවස්ථාවද වේ.මාලිංග මිීට පෙර කඩුලූ 5 ක් එකපිට බිද හෙලූවේ 2012 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පාර්ල් හිදී පැවැති එක්දින තරගයේදී වන අතර ඔහු පසුගියදා නැවත එම දස්කම පෑයේ එදා සිට එක්දින තරග 61 කට සහභාගී වීමෙන් පසුවය.මෙයත් සමග ඔහු තමන් සහභාගී වී ඇති එක්දින තරග වලදී 6 වතාවක් පිට පිට කඩුලූ 5 බැගින් බිද හෙළා තිබේ.
තරගයේදී පකිස්තානය ශ්‍රීලංකාව පිහිටුවා තිබූ ලකුණු 250 ක ඉලක්කය ඉක්මවා යාමට ලකුණු 12 ක් ලබාගැනීමට ඉතිරිව තිබියදී පරාජයට පත්විය.මෙය ලකුණු 250 ක ඉලක්කයක් සපුරාගත නොහැකිව පකිස්තානය පරාජයට පත්වූ 12 වැනි අවස්ථාව වේ.
විශිෂ්ට පිතිහරඹයක් සිදුකළ ලහිරු තිරිමාන්න ලකුණු 102 ක් ලබාගනිමින් ශී්‍රලංකා ඉණිම ශක්තිමත් කරවීය.මෙය ඔහුගේ දෙවන එක්දින ශතකයයි.මේ දක්වා එක්දින තරග 18 කට කී්‍රඩා කර ඒවායින් ලකුණු 333 ක් එක්රැස් කරගෙන සිටින හෙතෙම තම සාමාන්‍යය ලකුණු මට්ටම ලකුණු 20.81 ක රදවාගෙන සිටී.
දෙවන කඩුල්ල සදහා තිරිමාන්න හා කුමාර් සංගක්කාර ලකුණු 161 ක සබදතාවයක් ගොඩනැගූ අතර එය පකිස්තානයට එරෙහි තරගයකදී දෙවන විකට්ටුව වෙනුවෙන් ශී්‍රලංකාව පවත්වාගෙන ඇති හොදම සබදතාවයයි.එයට පෙර පකිස්තානයට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් වූ හොදම සබදතාවය වූයේ අසංක ගුරුසිංහ හා අතුල සමරසේකර 1991 - 1992 දී මුල්ටාන් හිදී රැස්කළ ලකුණු 157 වේ.
තිරිමාන්න හා සංගක්කාර අතර ගොඩනැගුණු සබදතාවය ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරගවලදී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 කට වඩා වුනු සබතාවයක් ඇති වූ 13 වැනි අවස්ථාවද වේ.

