මාලිංග මහනුවර පිලට


(රොෂාන් ගුණරත්න)


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය බදාදා ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදී දස්කම් දක්වන්නේ නම් කණ්ඩායමේ අවශ්‍යතා අනුව, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ලසිත් මාලිංගට ඇති බවයි. 

විස්සයි-20 ලීග් තරගාවලිය අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුල්ල සහ පල්ලේකැලේ යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. 

වැඩිදුර විස්තර සඳහා http://www.kelimandala.lk/වෙත පිවිසෙන්න