මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීප ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
එම නඩුවේම සැකකරුවකු වන වාස් ගුණවර්ධන මහතා දෙසැම්බර පස් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කැරිණි.
මෙම නඩුවට අදාළව රවිදු ගුණවර්ධනට ඇප ලැබුණත් මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළව ඔහු තවමත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

