(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම පිරිස මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් අද (13 )දින දහවල් 11.36 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් මාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .
එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබුණි.
එසේ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබුණහොත් , ඔවුන් අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට නියමිතය .

