මාලදිවයිනේ සිර වී ශ්‍රී ලාංකිකයින් 177 ක් මත්තලට


(ටී.කේ.ජී.කපිල )

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්  අද (15 ) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

 මෙම ගුවන් මගීන් අතුරින් වැඩි දෙනෙකු එරට සංචාරක හෝටල් වල රැකියා කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .

 අද ( 15) සිට  විදේශයන්හි  සිට පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ගෙන ඒම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත්තද  මෙම  පිරිස  පැමිණ ඇති බවත් එහි නිශ්චිත හේතුවක් නොදන්නා බවත් ගුවන්තොටුපොලහි  කාර්යේ  නියුතු උසස් නිලධාරියෙක් පවසා  තිබේ

 මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද  (15)  දින පස්වරු 3.10 ට මාලදිවයිනේ මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

  මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .