මාලක පහර නොදුන් බව මේජර් කියයි


තමාට පහරදීමට මාලක ද සිල්වා සහ රෙහාන් විජේරත්න සම්බන්ධ නොවූ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිවුරුම් පෙත්සමක් මගින් එහි පැමිණිලිකරුවන මේජර් ප්‍රදීප් සුසේන කියා සිටියේය. පසුගිය සැප්තැම්බර් 9 වැනි දා කොළඹ හිල්ඩන් ජයික් හෝටලයේ දී ඔහුට පහර දුන්නැයි සැකපට මෙම දෙදෙනා ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති. නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බව ද ඔහු මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය.