මාලක ඇතුළු පිරිස රිමාන්ඩ්


ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා  සහ හිටපු අමාත්‍යවරයකු වූ මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න හා මාලකගේ ආරක්ෂකයන්  සිවු දෙනෙක්  ද රියදුරා ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. යුද හමුදා මේර්වරයකුට පහර දුන්නැයි මාලක ඇතුළු පිරිස අද පෙරවරුවේ පොලිසියට බාර වූහ.   අමාත්‍ය මර්වින් සිල්ව මහතා, බිරිය සහ දියණිය සමග අධිකරණයෙන් පිටව යන අයුරු