මාලක ඇතුළු පිරිස උසාවියට


කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ දී මේජර්වරයකුට පහර දුන්නැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි මාලක ද සිල්වා (ඇමැති මර්වින් සිල්වාගේ පුත්) හා රෙහාන් විජේරත්න ඇතුළු පස් දෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කනු ලැබුහ. මාධ්‍යවේදීන්  පොලිසිය ඉදිරිපිට සිටිය දී සැකකරුවන්, පොලිසිය පිටුපසින් ජිප්රියක නංවා රැගෙන යනු ලැබූහ.