ගාලු මුවදොරදී කාන්තාවකගේ රත්තරං මාලයක් ගිල දැමු පුද්ගලයකු විරේක බෙහෙත් දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කැර ඇතැත් මාලය බිමට නොවැටුණු බව පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැන්වීය.
සැකකරු මොහොමඩ් ඩිල්ෂාන් නූර් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත් මාලය ලැබුණු පසු උසාවියට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
ඇක්ස්රේ පරීක්ෂණ අනුව පෙන්ඩනය සහිත මාලය මහබඩවැලේ හිර වී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මාලය කඩාගෙන යතුරුපැදියෙන් පැනයද්දී පොලීසිය ඔහු ලුහු බැඳ ගියේය.
සැකකරු අත්අඩංගුවට ගන්නට පෙර ඔහු මාලය ගිල දමා ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

