මාර්තුවට පෙර පළාත් සභා ඡන්දය ඕනෑ


 

(රංජන් කස්තුරි)

පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වෙන බව අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන හෙයින් මාර්තු මාසය වනවිට එම කටයුතු ඒ ආකාරයට සිදුවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුත්තාෆා මහතාට සහ පළාත් සභාවල සීමා නිර්ණය කරන කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් මහතාට උපදෙස් දී තිබේ.

ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා සහ තවලිංගම් මහතා ඉකුත් සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට කැඳවා කරු ජයසූරිය මහතා මෙසේ උපදෙස් ලබාදී තිබිණි.

ලබන වසරේ මාර්තු මාසය වනවිට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකිවන අයුරින් ඊට පෙර ඒ ඒ පළාත් සභාවල සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ යුතු බව ද ඒ අනුව මාර්තු මාසයේදී ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සැකසිය යුතු බවට ද කතානායකවරයා ඔවුන්ට උපදෙස් දී තිබේ.