(ඩයනා උදයංගනී)
විදුලි පාරිභෝගිකයින්ගෙන් මාර්තු, අප්‍රෙල්, මැයි මාස සඳහා ද පෙබරවාරි මාසයේ විදුලි බිලෙහි ඇති ගාස්තුව හා සමාන ගාස්තුවක් අයකරගැනීමට අද (15) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ලැබුණු මාර්තු, අප්‍රෙල්, මැයි මාසයන්හි ලැබුණු විදුලිබිල වෙනුවට පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම ගෙවිය හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම මුදල ගෙවීමට මාස 02 ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

