මාර්ග අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස නවීන සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.
එමගින් රියදුරා, වාහනය හා වාහන අංකය පැහැදිලිව සටහන් වන නිසා අනතුරු අවම වනු ඇතැයි පැවසේ.
මෙවැනි වැඩපිළිවෙළක් නොමැති කමින් අධිකරණයේ විභාග වීමට නියමිත නඩු රාශියක් ඉවත දමා ඇතැයි ද වාර්තාවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

