මාරවිල වෙරළේ මාරාවේෂයට බේත් දෙයි


මාරවිල මුහුදු වෙරළ තීරයේ  මුහුදු කෑම වැළැක්වීම සදහා  ගැඹූරු මුහුදෙන්  වෙරළට වැලි පොම්ප කැර වෙරළ නිර්මාණය කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව,රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරියමගින් මෙම වැඩසටහන සදහා රුපියල් මිලියන 615 ක් වැය කෙරේ.

මාරවිල-තල්විල මෝය කටේ සිට මෝදර වැල්ල දක්වා කිලෝමීටර් 1.8 ක දුරක් මීටර් 30 ක පළලින් යුක්තව වැලි පුරවා සකස් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.