(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ වගවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවැති සැනකෙලියක මාරක ළිඳ දර්ශනයකදී එහි පැදිකරු වේගය වැඩිකිරීමට යාමේදී බයිසිකලය ලිස්සා ගොස් අසල සිටි ළමයින් තිදෙනකුගේ ඇඟේ වැදී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
යතුරපැදියේ හැඬලය මාරක ළිඳේ කොටසක වැදී අනතුරුව ගැහැණු ළමයකුගේ බඩේ වැදී ඇති අතර ඒ සමග එහි සිටි ළමයින් දෙදෙනකු ද සමග ඇය එළියට විසිවී ඇති අතර යතුරුපැදිකරු ද තුවාල ලබා ඇත.




