මාරක මන්නය මොනරාගලින් ගෙනල්ලා


මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක  වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරගම පොලීසිය කියයි. පෙර දින මොනරාගල සිට ඔහු බසයකින් කොළඹ පැමිණ ඇතැයි කියති. පාසල් බෑගයකින් මන්නයක් ගෙනෙන්නට ඇතැයි ද, පොලීසියට තොරතුරු ලැබී ඇත. ඔහුගේ අනියම් බිරිය මොනරාගල සිටින බවත්, ඇය මාස දෙක හමාරක පමණ ගැබිනියක බවත් කියන තොරතුරු සත්‍යදැයි පොලීසිය සොයයි. සමන්ත රත්නායක නම් වන සැකකරු තැන තැන ගොස් වැඩකරන කාර්මිකයෙකියි පොලීසිය පවසයි.