මාර හොරෙක් බුලත්සිංහලින් අල්ලයි


ලොකු ලොතරැයියක් ඇදුණු බවට විශ්‍රමිකයනුත්, බිරිය රට සිට එන බව පවසා සුඛෝපබෝගී කුලී රියදුරනුත් රවටා ඔවුන්ගෙන් කා බී මුදල් හා ජංගම දුරකතන ද ඉල්ලාගෙන අතුරුදන් වන බව කියන පුද්ගලයෙක් බුලත්සිංහල පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

එවැනි පැමිණිලි 20ක් ද, මතුගම හොරණ, බුලත්සිංහල කඩසාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීමේ පැමිණිලි රැසක් ද ඔහුට එරෙහිව ඇතැයි කියන පොලිසිය ඔහු ළඟ තිබී ජංගම දුරකතන 10ක් සොයාගෙන ඇත.

විශ්‍රාමිකයන් සමග ලොතරැයි දිනුම ඇදීමට කොළඹ එන ඔහු විශ්‍රාමිකයන්ගේ මුදලින් හොඳ හෝටලවලින් කාබී ණයට ද සල්ලි ගෙන අතුරුදන් වන බවත් රට සිට එන බිරිය රැගෙන ඒමට කුලී රියෙන් කටුනායක යන ඔහු ඒ ආකාරයෙන්ම කුලී රියදුරන් අමාරුවේ දමා ඇති බවත් පොලිසිය කියයි.