මානාභරණ සෑයෙන් තවත් පුරාවස්තු


සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරයේ ගරා වැටුනු සෑයේ මහාමේරු ගලේ වයඹ මුල්ලෙන් සෙන්ටිමීටර් 14 ක් උසැති සමාධි බුදු පිළිමයක් අද උදේ සොයාගත් බව මහාචාර්ය රාජ් සෝමදේව කියයි. පොලොන්නරු යුගයට අයත් යැයි සැලකෙන මේ පිළිම වහන්සේ කිරි ගරුඬෙන් නෙළා ඇති බව පෙනේ යැයිද මහාචාර්යවරයා පවසයි.