මානාභරණ සෑය ඉතිහාසය අලුත් කරයි By None // 2012 ජුලි 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සියඹලාණ්ඩුව ඓතිහාසික මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපරැණි දැගැබේ කැණීම් වලින් කිරිගරුඬ පිළිමයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬු දෙකක් හා පබළු කිහිපයක් සොයාගත් බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. අනුරාධපුර/පොළොන්නරු යුගවලට අයත් බව විශ්වාස කරන එම පිළිමය සෙන්ටිමීටර් විස්සක් උසකින් යුක්තය. තාරාදේවියගේ පිළිරුවට සමාන ප්‍රතිමාවක් මුලින්ම සොගැනිණි. ලංකාවේ දාගැබකින් එවැනි පිළිරුවක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව සෝමදේව මහතා කියයි. චෛත්‍යයේ මැද නිදන් කැර ඇති මහා මේරු ගල ද හමු වී ඇත. එම ගලේ සුදු හුණු පිළියන්ම් කර ඇති බවත් තැනින් තැන නොයෙක් වර්ණයේ සායම් වැනි දේ ද තිබෙන බවත් මෙම චිත්‍ර මොනවාද මෙතෙක් අනාවරණය වී නොමැත බවත් මහාචාර්ය සෝමදේව පවසයි. ලංකාවේ සිදු කළ කැණීම් වලින් මෙවැනි ගල් හමුවී ඇත්තේ පහක් පමණ බව ඔහු කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත