(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ ඛනිජ තෙල් අමාත්‍යංශයේ නිලධරීන්ට මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් එකඟ නොවූ ලිපි දෙකකට අත්සන් කරන ලෙස බලපෑම් කර ඇති බවත් ඔවුන්ව සිරගත කරන බවට තර්ජනය කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව මේ වන විට නීති උපදෙස් ගැනීමට කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දුන් බව ද සදඟන් කළේය.

