මාධ්‍යවේදීන්ට වදුරඹදී බණ තහනමක්


වඳුරඹ ගුළුගහකන්දේ සුමේධ ධර්මායතනයේ අද (27) ධර්මදේශනාවක් සඳහා සහභාගිවීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොලැබිණී. එහි බණ ඇසීමට වාහන සිය ගණනකින් පිරිස් ආහ. එම ස්ථානයේ අනුගාමිකයන් පැවසුවේ මාධ්‍යයට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බවයි. මීට මාස කීපයකට ඉහතදී බොදු බල සේනා සංවිධානය වෙතින් මෙම ධර්මායනය ඉවත් කර ගන්නා ලෙස විශාල උද්ඝෝෂණයක් පවත්වා ටින දිනකට එම ආයතනයේ කටයුතු නතර කර තිබී මේ වනවිට නැවත පෙර පරිදිම පිට පළාත්වලින් පිරිස් එහි එති.