ශාන්ත රත්නායක
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ සිය නිවසේදී මාධ්‍යවේදීයකුට බැන වැදීමේ සිද්ධිය සබන්ධයෙන් තමා කණගාටු වන බව අමාත්‍යවරයා අද (16) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කීවේ.
පසුගිය 8 වැනි දා මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් ආවරණය කිරීමට කිරීමට ගිය මාධ්‍යවේදියකුට අමාත්‍යවරයා විසින් බැන තර්ජනය කිරීමට අදාලව ඇමතිවරයා මෙසේ කණගාටුව පළකළේය.


