මාධ්‍යවේදියෙක් රිමාන්ඞ්


දූෂණ අක‍්‍රමිකතා සෙවීමට යැයි පවසා දෙනියායට ආ සටන පත‍්‍රයේ කාර්තෘ බව කියන පුද්ගලයකු ලබන 21 වැනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මොරවක මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. බුත්පිටිය, උතුරු බුත්පිටියේ පදිංචි විජේසේකර වාසල මහ මුදියන්සේලාගේ සේනක ඒකනායක (35) එසේ රිමාන්ඞ් කැරිණි. දෙනියායේ කුඩගලහේනේ ප‍්‍රභූවරියකගේ නිවෙසකටද ගොස් තොරතරු සොයා ඇතිබව කියන ඔහු මාධ්‍යවේදියකු දැයි ඇතිවූ සැකය මත උසාවියට ඉදිරිපත් කැර ඇත.